අමෙරිකාවට ඇතුළුවීම තහනම් කර ඇති රටවල් ලැයිස්තුවට තවත් රටවල් 6ක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, අමෙරිකාවට ඇතුළුවීම තහනම් කර ඇති රටවල් ලැයිස්තුවට තවත් රටවල් 6ක් එක්කර ඇති බව theguardian වාර්තා කර ඇත. පලස්තීනය, සිරියාව, බර්කින ෆාසෝ, මාලි, නයිජර් සහ දකුණු සුඩානය යන රටවල පුරවැසියන්ට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කර ඇති බව theguardian වාර්තාවේ සඳහන් වෙයි.

අර්ධ ගමන් සීමා පනවා ඇති නව රටවල් 15ක් ද ලැයිස්තුවට එක්කර ඇති අතර  ඇන්ගෝලා, ඇන්ටිගුවා, බාර්බුඩා, බෙනින්, අයිවරිකොස්ට්, ඩොමිනිකා, ගැබොන්, ගැම්බියා, මලාවි, මෞරිටානියා, නයිජීරියාව, සෙනෙගල්, ටැන්සානියාව, ටොන්ගා, සැම්බියා සහ සිම්බාබ්වේ යන රටවල් ඒ අතර තිබේ.

මීට පෙරද ට්‍රම්ප් විසින් ජූනි මාසයේදී රටවල් 12ක පුරවැසියන්ට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් ලියවිල්ලක් ද අත්සන් තබා තිබූ අතර එහිදී ඔහු පැවසුවේ “විදේශීය ත්‍රස්තවාදීන්ගෙන්” සහ අනෙකුත් ආරක්ෂක තර්ජනවලින් ආරක්ෂා වීම සඳහා මෙම තීරණය ගන්නා බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website