ට්‍රම්ප් BBCයට එරෙහිව ඩොලර් බිලියන 5 ක අපහාස නඩුවක් ගොනු කරයි

පැනරාමා වාර්තා වැඩසටහනකදී 2021 ජනවාරි 6 වන දින තමා කළ කතාව සංස්කරණය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බීබීසීයට එරෙහිව ඩොලර් බිලියන 5 (පවුම් බිලියන 3.7) ක නඩුවක් ගොනු කර තිබේ.

ෆ්ලොරිඩාවේ ගොනු කරන ලද නඩුවේ අධිකරණ ලේඛනවලට අනුව, අපහාස කිරීම සහ වෙළඳ පිළිවෙත් නීතියක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප් බීබීසීයට චෝදනා නඟා ඇත. පසුගිය මාසයේදී බීබීසී විසින් ට්‍රම්ප්ගෙන් සමාව අයැද සිටි නමුත් වන්දි සඳහා ඔහුගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ අතර “අපහාසය පිළිබඳ ඉල්ලීමක් සඳහා කිසියම් පදනමක්” ඇති බවට එකඟ නොවීය.

“හිතාමතාම, ද්වේෂ සහගතව සහ නොමඟ යවන ආකාරයෙන් ඔහුගේ කතාව විකෘති” කර ඇති බවට ට්‍රම්ප්ගේ නීති කණ්ඩායම බීබීසීයට චෝදනා කර තිබේ. මෙම නඩුවට බීබීසී තවමත් ප්‍රතිචාර දක්වා නොමැත.

බීබීසී අභ්‍යන්තර ලේඛනයක සඳහන් වූයේ, 2021 ජනවාරි 6 වන දින ට්‍රම්ප් කළ කතාවක කොටස් දෙකක් එකට සම්බන්ධ කිරීමෙන් මෙම වැඩසටහන නරඹන්නන් නොමග යවා ඇති බවත්, එමගින් ඔහු මැතිවරණ පරාජයෙන් පසු එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ලට පහර දෙන ලෙස ජනතාවගෙන් පැහැදිලිව ම ඉල්ලා සිටින බවක් පෙනෙන්නට ඇති බවත් ය.

මාධ්‍ය ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග දියත් කිරීම හෝ තර්ජනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපතිවරයාට දීර්ඝ ඉතිහාසයක් ඇති අතර, එහි ප්‍රතිඵල විවිධ වේ. නිව්යෝර්ක් ටයිම්ස්, සීඑන්එන් සහ ඩෙස් මොයින්ස් රෙජිස්ටර් යන මාධ්‍ය ආයතන ද ට්‍රම්ප්ගෙන් නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දී තිබේ.

මූලාශ්‍රය – bbc.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website