ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදක රොබ් රේනර් සහ ඔහුගේ බිරිඳ ඝාතනය කරයි

ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදක සහ නළු රොබ් රේනර් (78) සහ ඔහුගේ බිරිඳ මිෂෙල් (68) ලොස් ඇන්ජලීස් හි ඔවුන්ගේ නිවසේ දී මියගොස් සිටිය දී සොයා ගෙන තිබේ.

ඊයේ (14) දහවල් ලොස් ඇන්ජලීස් හි ඉහළ පෙළේ නේවාසික ප්‍රදේශයක යුවළගේ නිවසට පොලිසිය සහ ගිනි නිවන භටයින් කැඳවීමෙන් පසු බලධාරීන් මෙම සිදුවීම පැහැදිලිවම මිනීමැරුමක් ලෙස සලකන අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටී.

The Princess Bride, This is Spinal Tap, When Harry Met Sally, Misery and A Few Good Men ඇතුළු සම්භාව්‍ය චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීම හේතුවෙන් රොබ් රේනර් සහ ඔහුගේ බිරිඳ මිෂෙල් ජාත්‍යන්තර කිර්තියට පත්විය.

මිෂෙල් සහ රොබ් රේනර්ගේ ඛේදජනක අභාවය අපි නිවේදනය කරන්නේ දැඩි ශෝකයෙන්,” පවුලේ ප්‍රකාශකයෙක් එක්සත් ජනපද මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

මෙම හදිසි වියෝවෙන් අපි හද කම්පා කර ඇති අතර, මෙම ඇදහිය නොහැකි තරම් දුෂ්කර කාලය තුළ අපි පෞද්ගලිකත්වය ඉල්ලා සිටිමු.” නිවේදනයේ වැඩි දුරටත් සහන් විය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය පැවසීය.

මූලාශ්‍රය – bbc.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website