විපතට පත් ජනතාවට සහ ව්‍යාපාරිකයින්ට සහන සැලසීමට රුපියල් කෝටි 1300ක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා මේ වන විට රුපියල් බිලියන 13ක මුදලක් ලබා දී ඇති බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසයි.

අද (13) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්  ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මේ බව පැවසීය.

ආපදා සහන වැඩපිළිවෙළට ආධාර ලෙස ලැබුණු මුදල් සහ භාණ්ඩාගරයෙන් ලබා දුන් මුදල් ඇතුළුව මෙම සමස්ථ මුදල සහන සැලසීමට ලබා දී ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ ජනතාවගේ ජීවිතය යථාවත් කිරීමට සහ ව්‍යාපාරිකයින්ට සිය ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කිරීමට සහයෝගය දැක්වීම සඳහා මෙම මුදල් යොදවා ඇති බවය.

මෙම සහන සැලසීමේ යාන්ත්‍රණය හොඳින් ක්‍රියාත්මක වන බවත් ඒ හේතුවෙන් එම සහන ජනතාවට, පුරවැසියන්ට, ප්‍රදේශයන්ට ලබා දීම සාර්ථකව සිදු කර ගැනීමට හැකියාව ලැබී ඇති බවත් ඔහු වැඩි දුරටත් අවධාරණය කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website