දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ දරුවන්, පශ්චාත් ආපදා ජාවාරම් සිදුවීම් හෝ එවැනි ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ ඕනෑම තොරතුරක් 1929 ළමා උපකාරක සේවාවට හෝ ළඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ළමා අයිතිවාසිකම් ප්‍රවර්ධන නිලධාරියාට හෝ ළමා ආරක්ෂක නිලධාරියාට වාර්තා කරන ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
අනුකම්පාව සහ වගකීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින්, ආපදාවට ලක් වූ දරුවන්ගේ ආරක්ෂාව, ගෞරවය සහ යහපැවැත්මට සෑම විටම ප්‍රමුඛත්වය දෙන ලෙස ද අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මේ අතර දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් දරුවන්ගේ ඡායාරූප, වීඩියෝ දර්ශන හෝ පුද්ගලික තොරතුරු බෙදා ගැනීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මහජනතාවගෙන් සහ මාධ්‍ය ආයතනවලින් විශේෂ ඉල්ලීමක් කළේය.












