ආපදා තත්ත්වය හමුවේ රට තුළ සහල් හිඟයක් ඇති වේවිද ? – කෘෂිකර්ම ඇමති කළ විශේෂ ප්‍රකාශය

ආපදා තත්ත්වයත් සමග ඉදිරියේදී රට තුළ සහල් හිඟයක් මතුවීමේ හැකියාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

ගංවතුරින් හානි වූ ගල්නෑව ප්‍රදේශයේ කුඹුරු යළි අස්වැද්දීමේ අවස්ථාවට අද (13) එක්වෙමින් කේ.ඩී. ලාල් කාන්ත අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ඉදිරි කන්නයේ වගා කරන නාඩු හැරුනු විට වෙනත් සහල් වර්ග සඳහා වැඩි මිලක් ලබා දීම පිළිබදව ද අවධානය යොමුව ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ආපදාවකින් යළි නැගී සිටීම සම්බන්ධයෙන් දැවැන්තම අත්දැකීම තියෙන්නේ ගොවි ජනතාට බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා ඔවුන්ට මේ විනාශයේදීත් නැවත නැගී සිටීම ගැන කිසිම සැකයක් නොමැති බව කීවේය.

“මේ විනාශය වෙච්ච ගමන් අපේ හිතට එකපාර ආවේ ගොවියෝ වගා කරනවා, ඒ ගැන ප්‍රශ්නයක් නෑ, හැබැයි බිත්තර වී ප්‍රශ්නයක් එන්න පුළුවන් කියලා. හැබැයි බිත්තර වී ගැන කොහෙවත් සාකච්ඡාවක් ඇත්තේම නැහැ. ඒ නිසා කවුරු හ‍රි හිතන් ඉන්නවා නම්  ඉදිරියේ දී සහල් ප්‍රශ්නයක් එයි කියලා එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. වගා කරන ප්‍රමාණයක්ගේ වෙනස්කම් නිසා සමහර වර්ග රටින් ගේන්න වෙලා තියෙනවා. පහුගිය දිනවල අපි කිරීසම්බා යම් ප්‍රමාණයක් ගෙන්නුවා. ඒ ගේන්න වෙලා තියෙන්නේ කිරී සම්බා වගා කරන ප්‍රමාණයේ අඩුවක් නිසා මිස සහලින් රටේ හිඟයක් තියෙන නිසා නෙමේ” කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website