ලෝක සාම පාගමන තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයීය භූමියෙන් ගමන ඇරඹෙයි

ලෝක සාමය පතා සිදු කරන “එහි පස්සිකෝ” සාම පාගමනේ අද (26) දිනය ආරම්භ වූයේ මහත් වූ ශාන්තබවකිනි. හිරුගේ මෘදු රන් කිරණ විඳිමින්, තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයීය භූමියෙන් ගමන ඇරඹූ පූජ්‍ය පඤ්ඤාකර හිමි ඇතුළු පිරිස අනතුරුව මහනුවර-කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිසියෝය. මඟදෙපස හිඳි සුවහසක් ජනතාවගේ සිත්වලද සාමයේ පැතුම් දල්වමින්, සාධුකාරය මැද, උන්වහන්සේ එකම රිද්මයකින් පාගමනෙහි යෙදුණහ.

මෙය හුදෙක් පාගමනක් පමණක්ම නොවේ. සියලු දෙනා මොහොතකට නතරව සන්සුන්ව උන්වහන්සේ දැකුමෙන් සිත් පහදවා ගන්නා මොහොතකි. එහි පස්සිකෝ යන්නෙහි අරුත එයයි.

පාවහන් නොමැතිව රත් වූ පොළොව මතින් වඩින භික්ෂූන් වහන්සේ, උන්වහන්සේගේ සතිමත් සහ සුශික්ෂිතභාවය, හිරු එළියෙන් දිදුලන සිවුරු, සහ දෝතින් නොයෙක් පෑ සුවඳ මල් දරා පාර දෙපස පෙළ ගැසී සිටින බැතිමතුන් අසිරිමත් දසුනකි. වැඩිහිටියන්, කුඩා දරුවන් ඇතුළු සියලු දෙනා මේ දසුනෙහි සක්‍රීය කොටස්කරුවෝ වෙති. අතැති දේ පුදති. එහෙත් ගමනට පහසුව මිස බාධා නොකරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website