ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණය “සැක සහිත” බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.
අද (08) පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“කපිල චන්ද්‍රසේන රක්ෂිත බන්ධනාගාරයේ සිටිය දී ඇප ලබා දුන්නා. ප්‍රශ්නය වන්නේ මෙම ඇපකරුවන් දෙදෙනා සොයා ගෙන ලබා දුන්නේ කවුද කියන එකයි. ඔවුන් ව්‍යාජ ඇපකරුවන් බවට චෝදනා එල්ල වෙනවා. රක්ෂිත බන්ධනාගාරයේ සිටින පුද්ගලයෙකුට තනිවම ඇපකරුවන් සෙවීමට නොහැකියි. එබැවින්, මෙම ඇපකරුවන් සොයා දුන්නේ කවුරුන්ද යන්න පිළිබඳව වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. මෙම ඇපකරුවන් විශාල කුමන්ත්‍රණයකට සම්බන්ධ විය හැකියි. අධිකරණ පරිශ්‍රය තුළ සීසීටීවී කැමරා තිබෙනවා. මෙම කාරණය විමර්ශනය කළ යුතුයි. අධිකරණ සංකීර්ණය තුළ මෙම ඇපකරුවන් ලබා දුන්නේ කවුද? බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධ වී සිටියාද? නැතහොත් ඒ පිටුපස අල්ලස් කොමිසමේ නිලධාරීන් සිටියාද? මෙම පුද්ගලයින් දෙදෙනා නුසුදුසු ඇපකරුවන් බව කොමිසම දැනගත්තේ කෙසේද යන්න පිළිබඳව බරපතළ මහජන සැකයක් තිබෙනවා.” සාගර කාරියවසම් මහතා පැවසුවේ ය.
ඇපකරුවන් සකස් කළ ක්‍රියාවලිය කඩිනමින් විමර්ශනය කරන ලෙසත් කපිල චන්ද්‍රසේනගේ මරණය වටා ඇති තත්ත්වයන් පැහැදිලි කරන ලෙසත් කාරියවසම් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ය.














