2023/2024 ගුරු විද්‍යාල අවසාන විභාගය හෙට ඇරඹෙයි

2023/2024 වර්ෂවලට අදාළ ගුරු විද්‍යාල අවසාන විභාගය හෙට (11) ආරම්භ වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

විභාග අයදුම්කරුවන්‌ගේ විභාග ප්‍රවේශ පත්‍ර ගුරු විද්‍යාවලට මේ වනවිට තැපැල් මඟින්න් යොමු කිරීමට පියවර ගෙන ඇති බවත් ප්‍රායෝගික පරීක්ෂණය ද ඇතුළුව ලබන 17 වෙනිදා දක්වා විභාග මධ්‍යස්ථාන තුනක එය පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග ප්‍රවේශ පත්‍ර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස බාගත කරගැනීමේ පහසුකම ද සලසාදී ති‌බෙන බව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website