දිවයින පුරා ඇති සියලුම පෙර පාසල් මේ වසරේ ජූලි 1 වන දිනට පෙර ලියාපදිංචි කළ යුතු බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවාය.
අනාගතයේදී ඕනෑම පෙර පාසලක් පිහිටුවීමට පෙර ලියාපදිංචිය ලබා ගැනීම අනිවාර්ය බව ද අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනක් අමතමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.














