ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (10) පෙරවරුවේ දේහය තැන්පත් කර ඇති බොරැල්ලේ පිහිටි පෞද්ගලික අවමංගල්‍ය ශාලාවට පැමිණියේය.
මෙහි දී ජනමාධ්‍යවේදීන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් අදහස් විමසුවේය. එහි දී මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ‘කපිල අපේ හොඳ මිත්‍රයෙක් බවත් ඔහු රටට යම්කිසි සේවයක් කර ඇති’ බවයි.
ලබන 12 වැනිදා අල්ලස් කොමිෂම හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙස නියෝග කරමින් මහින්ද රාජපක්ෂ මහතාට අල්ලස් කොමිෂමෙන් ලැබී ඇති පැමිණිල්ල පිළිබඳව ද මාධ්‍යවේදීන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කළේය.
“ඔව්, මම යනවා. අපි යා යුතුයි නේද?” හිටපු ජනපතිවරයා පැවසුවේය.
කපිල චන්ද්‍රසේන මහතාගේ අවසන් කටයුතු අද පස්වරු 5 ට බොරැල්ලේ පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.















