ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හෙට (11) වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බවත්, ඒ අනුව හෙට සිට දිවයින පුරා වැසි තත්ත්වය වැඩි විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා හෙළි කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (10) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රනාන්දු මහතා බව සඳහන් කළේය.
මැයි මස 20 වැනිදා වන විට නිරිතදිග මෝසම් තත්ත්වය ස්ථාපිත වීමත් සමඟ මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවද ඔහු පැවසුවේය.
මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, නාය යෑම් සිදුවන ප්‍රදේශ නැවත සක්‍රිය වීමේ හැකියාවක් පවතින බවයි.
ඉදිරියේදී ඇති විය හැකි ඕනෑම ආපදා තත්ත්වයකට අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සූදානමින් සිටින බව කී කොඩිප්පිලි මහතා, නාය යෑම් අවදානම් ස්ථානවල ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ද පැවසුවේයත
නාය යෑම් ලක්ෂණ පිළිබඳව සැලකිලිමත් වන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටි ඔහු ආපදා තත්ත්වයකදී 117 හදිසි දුරකථන අංකය හෝ අදාළ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කාර්යාලය වෙත සම්බන්ධ විය හැකි බවද සඳහන් කළේය.












