කොළඹ ජාතික රෝහලේ PET ස්කෑන් සේවා අද සිට නැවත ආරම්භ කරයි – අපේක්ෂා රෝහලේ 08 වැනිදා

විකිරණශීලී රසායනික ද්‍රව්‍ය FDG හිඟයක් හේතුවෙන් මාර්තු 27වන දින සිට අත්හිටුවා තිබූ PET ස්කෑන් සේවා අද (06) සිට නැවත ආරම්භ කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශ උසස් නිලධාරියෙක් පැවසුවේය.

කොළඹ ජාතික රෝහලේ සේවාවන් අද (06) නැවත ආරම්භ වන අතර මැයි 8 වන දින මහරගම අපේක්ෂා රෝහලේ සේවාවන් ද නැවත ආරම්භ කිරීමට නියමිතය. ස්කෑන් අවශ්‍ය රෝගීන් දැනටමත් ක්‍රියා පටිපාටි සඳහා සූදානම් කර ඇති බව ඔහු වැඩි දුරටත් පැවසුවේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website