වැසි සමඟ ඩෙංගු අවදානම ඉහළට: දිස්ත්‍රික්ක තුනක ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන්

ඩෙංගු රෝගීන්ගේ ඉහළ ව්‍යාප්තියක් වාර්තා වන අධි අවදානම් කලාපවල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි ඩෙංගු රෝග මර්දන ඒකකයේ උපදේශක විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවාය.

ඩෙංගු මර්දන වැඩසටහන් විශේෂයෙන් කොළඹ, ගම්පහ සහ ගාල්ල දිස්ත්‍රික්ක කෙරෙහි අවධානය යොමු කරන බව ද ඇය සඳහන් කළාය.

පරිසරය තුළ වරින් වර ඇද හැලෙන වර්ෂාව නිසා මදුරුවන් බෝවීම සඳහා සුදුසු තත්වයන් නිර්මාණය වී ඇති බැවින් ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් නිරීක්ෂණය වී ඇති බව කී සමරවීර මහත්මිය මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 12ක් සහ රෝගීන් 25,846 ක් වාර්තා වී ඇති බව ද හෙළි කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website