දෙණියායේ වෛරස් උණ ගැන සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැතිගෙන් සහ දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකගෙන් ප්‍රකාශයක්

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ දෙනියාය ප්‍රදේශයෙන් වාර්තා වන වෛරස් උණ පැතිරීම පාලනය කිරීම සඳහා ජල මූලාශ්‍ර පිරිසිදු කිරීමට පියවර ගෙන ඇති බවයි.

මේ අතර දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එන්. ජී. එස්. පණ්ඩිතරත්න මහතා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කණ්ඩායමක් ඊයේ (08) දෙනියායට ගොස් පරීක්ෂණ සිදු කළ බවත් එම පරීක්ෂණ වාර්තාව අද (09) දින ලැබීමට නියමිත බවයි.

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසන්නේ මෙම වෛරසය ප්‍රධාන වශයෙන් ශරීරයට ඇතුළු වන්නේ දූෂිත ජලය හෝ ආහාර හරහා බවයි.

පැතිර යන වෛරස් උණ හේතුවෙන් දෙනියාය ජාතික පාසල, දෙනියාය ශාන්ත මැතිව් පාසල, දෙනියාය රාජපක්ෂ විද්‍යාලය සහ පල්ලේගම සිද්ධාර්ථ පාසලේ ප්‍රාථමික අංශය ඇතුළු පාසල් පසුගිය දින දෙක තුළ වසා දමා ඇත.

පැතිර යන වෛරස් උණ හේතුවෙන් වසා දැමූ දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන සඳුදා (11) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව ද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website