දෙසැම්බර් 16 වැනිදා විවෘත නොකරන පාසල් ලැයිස්තුව ප්‍රකාශයට පත් කෙරේ – සම්පූර්ණ ලැයිස්තුව මෙන්න !

දෙසැම්බර් 16 වනදා ආරම්භ කරන පාසල් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා අද (09) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී නිල වශයෙන් කරුණු පැහැදිලි කළේය.

දෙසැම්බර් 16 වනදා පාසල් 147ක් හැර දිවයිනේ සියලු පාසල් විවෘත කරන බව ඔහු පැවසුවේය. ඒ අනුව බස්නාහිර, දකුණ, උතුර, නැගෙනහිර, සබරගමුව සහ උතුරුමැද පළාත්වල සියලු පාසල් විවෘත කිරීමට නියමිත බව ඔහු සඳහන් කළේය.

  • ඌව පළාතේ වැලිමඩ අධ්‍යාපන කලාපයට අයත් පාසල් 5ක්, බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයට අයත් පාසල් 3ක්, බදුල්ල අධ්‍යාපන කලාපයට අයත් පාසල් 7ක්, පස්සර අධ්‍යාපන කලාපයට අයත් පාසල් 5ක් සහ වියළුව අධ්‍යාපන කලාපයට අයත් පාසල් 6ක්.
  • වයඹ පළාතේ මහව අධ්‍යාපන කලාපයට අයත් පාසලක්, ඉබ්බාගමුව අධ්‍යාපන කලාපයට අයත් පාසල් 5ක්.
  • මධ්‍යම පළාතේ මහනුවර අධ්‍යාපන කලාපයේ පාසල් 4ක්, දෙනුවර අධ්‍යාපන කලාපයට අයත් පාසල් 8ක්, ගම්පොළ අධ්‍යාපන කලාපයට අයත් පාසල් 8ක්, වලපනේ  අධ්‍යාපන කලාපයට අයත් පාසල් 7ක්, හඟුරන්කෙත අධ්‍යාපන කලාපයට අයත් පාසල් 15ක්, කොත්මලේ අධ්‍යාපන කලාපයට අයත් පාසල් 17ක්, මාතලේ  අධ්‍යාපන කලාපයට අයත් පාසල් 38ක්, නාවුල අධ්‍යාපන කලාපයට අයත් පාසල් 3ක් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් පාසල් 15ක්.

දෙසැම්බර් 16 වැනි දා විවෘත නොකරන බව නාලක කළුවැව මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website