“දිට්වා” සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් සිදුවූ නායයෑම් සහ ගංවතුර නිසා මරණයට පත්වූ හෝ අතුරුදන් වූ පුද්ගලයින්ගේ මරණ ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය වන නීතිමය ප්‍රතිපාදන මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බව රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම ව්‍යවසනයෙන් යම් පුද්ගලයෙකුගේ, ඥාතියෙකු හෝ හිත මිතුරන් අතුරුදහන්ව ඇති බවට වාර්තා වී ඇති නම් එම අතුරුදන් වූ තැනැත්තන්ගේ මරණ ලියාපදිංචිය සඳහා අවශ්‍යමය නීතිමය ප්‍රතිපාදන සකසා ඇති බව යි.
ජාතික ව්‍යවසන පාත්‍ර ප්‍රදේශ, පරිපාලන දිස්ත්‍රික්ක වශයෙන් මරණ ලියාපදිංචි කිරීමේ තාවකාලික විධිවිධාන පනතට අනුව දෙසැම්බර් මස 2වන දින අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අනුව මෙම ව්‍යසනය යටතේ අතුරුදන් වූ තැනැත්තෙකුගේ මරණය ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලා සිටින්නේ යම් තැනැත්තෙකුගේ ද ඒ තැනැත්තා පුරුද්දක් ලෙස වාසය කළ ප්‍රදේශයේ ග්‍රමනිළධාරී වෙත තොරුතුරු සහිත ඉල්ලුම් පත්‍රයක් සහ එම කරුණු තහවුරු කරනු ලබන දිවුරුම් ප්‍රකාශයක් සමග ඉදිරිපත් කරළ යුතු වේ.
ග්‍රාම නිළධාරීවරයා විසින් ප්‍රාදේශීය ලේකම්වරයා වෙත මෙම ඉල්ලීම ඉදිරිපත් කරන අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ ආදාළ ග්‍රාමනිළධාරී කාර්යාලයේ සති දෙකක් කාලයක් විරෝධතා සඳහා එය ප්‍රදර්ශනය කළ යුතු බව රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය. විරෝධතා නොමැතිනම් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් අනුමැතිය සඳහා රෙජිස්ටාර් ජනරාල් විසින් බලය පවරන ලද කලාප භාර නියෝජ්‍ය හෝ සහකාර රෙජිස්ටාර් ජනරාල් වෙත ඉදිරිපත් කළ යුතු වේ. විරෝධතා ඉදිරිපත් වුවහොත් ඒ සඳහා පරීක්ෂණයක් සිදුකර සුදුසු කටයුතු සිදුකිරීමට උපදෙස් ලබා දී ඇති බව රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.
මේ යටතේ යම් පුද්ගලයෙකු දක්නට නොමැති බවට වූ සහතිකයක් ඉල්ලීම් කර ඇති විට ඉහත පරිදි අයදුම්පත් බාරගෙන නිසි පරීක්ෂණ කටයුතු සිදුකර ප්‍රාදේශීය ලේකම්වරයා විසින් දක්නට නොමැති බවට වූ සහතිකයක් නිකුත් කිරීමට ද උපදෙස් ලබා දී ඇති බව රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.











