ආපදා හේතුවෙන් විපතට පත් පාර්ශ්වයන්ට නොමිලේ නීති සහාය ලබාදීම ඇතුළු අරමුණු කිහිපයකින් “Free Lawyers” සංවිධානය පසුගිය දා ආරම්භ කෙරිණි.
“යුක්තිය වෙනුවෙන් නිරතුරුව පෙනී සිටීම පහසු කාර්යයක් නොවේ – එහෙත් එය අත්‍යවශ්‍ය වගකීමකි. නීතිඥයින් ලෙස අප සතුව ඇත්තේ නීතිමය තර්කයට වඩා බොහෝ උසස් කැඳවීමකි. අපි හඬ නැති අයට හඬක් වෙමු, අවදානමට ලක්විය හැකි අයට ශක්තියක් වෙමු, සත්‍යය වෙනුවෙන් සාක්ෂි දරන්නන් වෙමු.” යනුවෙන් සංවිධානයේ ආරම්භක රැස්වීමේදී ප්‍රකාශ කෙරිණි.
ආරම්භක රැස්වීමට ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, නීතිඥ අතුල ද සිල්වා, නීතිඥ ගුණරත්න වන්නිනායක, නීතිඥ මර්වින් ද සිල්වා, නීතිඥ දිනේෂ් විදානපතිරණ, නීතිඥ පියල් දර්ශන ගුරුගේ ඇතුළු නීතිඥයින් 50කට අධික පිරිසක් සහභාගී වූහ.
සංවිධානය මේ වන විටත් පහත ක්‍රියාකාරකම් ආරම්භ කර ඇත:
- ආපදා හේතුවෙන් අගතියට පත් පාර්ශ්වයන්ට නොමිලේ නීති සහාය ලබාදීම
- හදිසි නීතිය මර්ධනකාරී ලෙස සමාජ මාධ්‍ය හා ජනමාධ්‍ය එරෙහිව යොදාගැනීම වැළැක්වීම
- නීතිඥ ප්‍රජාව හා නීති වෘත්තිකයන් මුහුණ දෙන ගැටලු පිළිබඳව සමාජ දැනුවත්කම ඇති කිරීම
මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු, Free Lawyers සංවිධානය, සම්බන්ධීකරණය 0777 900 000 (ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න)











