දිට්වා ආපදාවේ නවතම යාවත් කාලීන කිරීම – මරණ සංඛ්‍යාව 627 දක්වා ඉහළට – පවුල් 21,79,138ක් පීඩාවට

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව අද (07) දින පස්වරු 12.00 වන විට 627 දක්වා ඉහළ ගිය බවත් අතුරුදන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 190ක් බවත් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

පවුල් 611,530කට අයත් පුද්ගලයින් 21.79,138ක් පීඩාවට පත්ව ඇති අතර ආරක්ෂිත මධ්‍යස්ථාන 956ක පවුල් 27,663කට අයත් පුද්ගලයින් 89,857ක් රැකවරණය ලබන බව ද එම වාර්තාව වැඩි දුරටත් පවසයි.

ආපදාවෙන් නිවාස 4517ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි පවසන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවාස 76,066ක් අර්ධ වශයෙන් විනාශයට පත්ව ඇති බව ද වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website