විපතට පත් ජනතාවට පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කළොත් කරන දේ ගැන PHI සංගමය කියයි

සුළි කුණාටුවෙන් විපතට පත් ප්‍රදේශවල මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කරනු ලබන වෙළෙඳුන්ට එරෙහිව දැඩි දඬුවම් ලබා දීමට පියවර ගන්නා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් බොරලැස්ස මහතා සඳහන් කළේය.

යම් කිසි ස්ථානයක මෙවැනි ආකාරයේ කටයුක්තක් සිදු වන්නේ නම් වහාම එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත්  ඔහු සඳහන් කළේය. අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්වු ප්‍රදේශවල වසංගත සහ බෝවන රෝග මැඩපැවැත්වීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩි දුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website