ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (01) පස්වරු 04.00ට නිකුත් කළ නිවේදනය මගින් බදුල්ල, මහනුවර, කෑගල්ල, කරුණෑගල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්රික්ක වෙත තෙවැනි අදියරේ (ඉවත් වීම) රතු නිවේදන නිකුත් කර ඇත.
ඒ අතර කොළඹ, ගම්පහ, කලුතර, මොනගාරගල සහ රත්නපුරය යන දිස්ත්රික්ක වල ප්රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක් වෙත පළමු අදියරේ ( විමසිලිමත්) කහ නිවේදන නිකුත් කර ඇත.
එසේම කොළඹ දිස්ත්රික්කයේ පාදුක්ක සහ සීතාවක ප්රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා දෙවැනි අදියරේ (අවධානය) ඇම්බර් නිවේදන නිකුත් කර ඇත.
අදාළ සිතියම පහත දැක්වේ
















