මතුපිටින් පෙනෙන තත්ත්වයට වඩා විශාල විනාශයක් ගංවතුර සහ නායයාම් හේතුවෙන් රටට සිදුව ඇති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, භාණ්ඩාගාර මුදල්වලින් පමණක් එම ව්‍යසනයට මුහුණ දිය නොහැකි බවද පෙන්වා දුන්නේය.
ආපදාවෙන් ඒ ඒ ක්ෂේත්රවලට සිදුව ඇති හානිය සහ නැවත ගොඩනැගීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන පිළිබඳ ලේඛනයක් සැකසීමට රජය ලෝක බැංකුව සමඟ සාකච්ඡා කර ඇති අතර, ලෝක බැංකුව වෙත දැනටමත් Global Rapid post-disaster Damage Estimation (GRADE) සකස් කිරීමට බාර දී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.
ඒ අනුව Global Rapid post-disaster Damage Estimation සති දෙකක් වැනි කාලයක් ඇතුළත ලබා ගැනීමට රජය අපේක්ෂා කරන බව ජනපතිවරයා කීවේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පෞද්ගලික අංශයේ ආයෝජකයන් සමඟ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (30) රාත්‍රියේ පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.
මතුපිටින් පෙනෙන තත්ත්වයට වඩා විශාල විනාශයක් ගංවතුර සහ නායයාම් හේතුවෙන් රටට සිදුව ඇති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, භාණ්ඩාගාර මුදල්වලින් පමණක් එම ව්‍යසනයට මුහුණ දිය නොහැකි බවද පෙන්වා දුන්නේය.
මේ සඳහා ආකාර කිහිපයකින් අරමුදල් සම්පාදනය කරගත හැකි බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දේශීයව, විදේශගත ශ්‍රී ලාංකිකයන් මගින්, විදෙස් රටවලින්, ජාත්‍යන්තර සංවිධානවලින් මෙන්ම ව්‍යාපාරික සංගම් මගින් එම අරමුදල් සම්පාදනය කර ගැනීමට හැකියාව තිබෙන බවත්, එම කාර්යයන් මූලික වශයෙන් පත් කර ගන්නා ලද කමිටුවට පැවරෙන බවත් සඳහන් කළේය.