රටේ වත්මන් ආපදා තත්ත්වය සම්බන්ධයෙන් රජයට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කිරීමට අදහස් කරන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පැවසුවේ.
අද (01) මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා පැවසුවේ මෙම ආපදා තත්ත්වය 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය තරම්ම බරපතල සිදුවීමක් බවයි.
ආපදා පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් ලැබී තිබියදීත්, රජය අවශ්‍ය පියවර ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් නඩුව ගොනු කරන බව ඔහු පැවසීය
“ජාතිය බංකොලොත් කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ට එරෙහිව ගොනු කර ඇති අපරාධ නඩුවට සමානව, ව්‍යසනයෙන් මියගිය සෑම පුරවැසියෙකුටම වත්මන් රජය වගකිව යුතු බැවින්, අපි ඔවුන්ට එරෙහිව නඩුවක් ගොනු කරනවා” එස්.එම්. මරික්කාර් පැවසීය.













