
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අද (30) දින පෙරවරු 09.00ට නිකුත් කළ තත්ත්වය වාර්තාව මගින් කළු ගංඟ නිම්නයේ කලුතර, ඉංගිරිය, හොරණ, දොඩංගොඩ, මිල්ලනිය, බුලත්සිංහල, පාලින්දනුවර, මදුරාවල සහ අගලවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල පහත් බිම්වල පිටාර තැන්නට බලපා ඇති ගංවතුර ඉදිරියේ දී සැලකිය යුතු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවට අනතුරු අඟවා ඇත.














