ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

Sri Lanka Weather Map

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2025 නොවැම්බර් මස 30 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලද නිල කාලගුණ නිවේදනය

“දිට්වා” [Ditwah] සුළිකුණාටුව නොවැම්බර් මස 29 දින ප.ව.11.30 වන විට යාපනය සිට 130 km ක් උතුරු දෙසින් , අක්ෂාංශ 10.7°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇත. මෙම පද්ධතිය උතුරු දෙසට ගමන් කර ඉදිරි පය 24 තුල ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරයට සමාන්තරව ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වැසි තත්ත්වය: ත්‍රිකුණාමලය සිට, කන්කසන්තුරය සහ මන්නාරම හරහා හලාවත දක්වා සහ කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි ඇති විය හැක.

සුළඟ: ත්‍රිකුණාමලය සිට, කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශ සුළං වේගය පැ.කි.මී. (50-60) පමණ වන අතර විටින් විට හමන පැ.කි.මී. 70 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැක. එම මුහුදු ප්‍රදේශ වල තව දුරටත් ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා වැඩි විය හැකි හැක.

මුහුදේ ස්වභාවය: ත්‍රිකුණාමලය සිට, කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැක. සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.5 – 3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website