හදිසි ආපදාවක දී වියළි ආහාර සඳහා දැනට ලබා දෙන මුදල සංශෝධනය කරමින් ආරක්ෂක අමාත්‍යාංශය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් අද (29) නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව වියළි ආහාර ද්‍රව්‍ය සඳහා මුදල් (සතියක් සඳහා උපරිමය – නමුත් දිනකට උපරිමය මෙම මුදලින් 1/7ක් විය යුතුය) තනි පුද්ගලයෙකු සඳහා දැනට ගෙවනු ලබන මුදල රුපියල් 1800 සිට 2100 දක්වා ඉහළ නංවා ඇත.
සාමාජිකයින් දෙදෙනකුගෙන් යුත් පවුලකට සතියක ගෙවන ලද මුදල රුපියල් 2400 සිට 4200 දක්වා ද සාමාජිකයින් තිදෙනකුගෙන් යුත් පවුලකට ගෙවන ලද මුදල රුපියල් 2800 සිට 6300 දක්වා ද සාමාජිකයින් සිවු දෙනකුගෙන් යුත් පවුලකට ගෙවන ලද මුදල රුපියල් 3200 සිට 8400 දක්වා ද සාමාජිකයින් පස් දෙනකු හෝ ඊට වැඩි පුද්ගලයින් පිරිසක් සිටින පවුලකට ගෙවන ලද මුදල රුපියල් 3600 සිට 10.500 දක්වා සංශෝධනය කිරීමට ආරක්ෂක අමාත්‍යාංය යෝජනා කර ඇත.
ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.
හදිසි ආපදා තත්ත්වයකදී විපතට පත්වන ජනතාවට හා ආපදා අවදානම හේතුවෙන් පදිංචි වාසස්ථානවලින් ඉවත් කරන ජනතාවට සහන සැලසීම හා හානියට පත්වන දේපළ යථා තත්ත්වයට පත් කිරීම සහ වන්දි ගෙවීම සිදු කෙරේ.
හානියට පත්වන දේපළ යථා තත්ත්වයට පත් කිරීම සහ වන්දි ගෙවීම වෙනුවෙන් ආපදා සහන සේවා චක්‍රලේඛ හා මාර්ගෝපදේශ 01/2005 , 5.1.5.3 යටතේ වියළි ආහාර ද්‍රව්‍ය සඳහා දැනට ලබා දෙනු ලබන මුදල සංශෝධන කර ඇති බවට ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
එම නිල වේදනය පහතින් දැක්වේ.















