නුවරඑළිය සහ අනුරාධපුරට යන එන සියලු මාර්ග අවහිර වෙලා – රටපුරා මාර්ග 206කුත් ඒ අතර

Death toll from Sri Lanka landslides and floods rises to 69 | News | Al  Jazeera

අයහපත් කාලගුණය හමුවේ සිදුව ඇති ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් රට පුරා ප්‍රධාන මාර්ග ඇතුළු මාර්ග 206ක් අවහිර වී ඇති බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් විමල් කණ්ඩම්බි මහතා පවසයි.

මේ වන විට පාලම් 10කට ද හානි සිදුව ඇති බව සඳහන් කළ කණ්ඩම්බි මහතා නුවරඑළිය සහ අනුරාධපුරය නගර වෙත සියලු ප්‍රවේශ සහ පිටවීම් මාර්ග මේ වන විට අවහිර වී ඇති බව සඳහන් කළේය.

නුවරඑළිය සහ අනුරාධපුරය නගර වෙත සියලු ප්‍රවේශ සහ පිටවීම් මාර්ග මේ වන විට අවහිර වී ඇති බව අධ්‍යක්ෂ ජෙනරාල් විමල් කන්ඩම්බි මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

මේ අතර වරකාපොල – කරවනැල්ල ප්‍රධාන මාර්ගයේ නියදුරුපොළ ප්‍රදේශයේ මාර්ගයට අද (29) පස්වරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් ප්‍රදේශයෙන් මාර්ගය මේ වනවිට සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website