මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ පොලිස් වසමේ රඹුක්ඇල ගම්මානයේ අද (29) අලුයම 1.30 ට පමණ නායයෑමක් සිදුවිය. මෙම නාය යාම පසුගිය 27 වැනිදා සිට ආරම්භ වූ බව ද ප්‍රාදේශීය වාර්තා සඳහන් කරයි.
මේ වනවිටත් එම ප්‍රදේශයට විදුලිය නොමැති අතර, දුරකථන සංඥා සියල්ල ක්‍රියා විරහිත වී ඇති බව ද ප්‍රදේශවාසීහූ පවති.
“පවුල් ගණනාවකට අයත් පුද්ගලයින් 50කට අධික පිරිසක් මේ ස්ථානයේ සිරවී සිටිනවා. දුරකථන ක්‍රියාත්මක නොවන නිසා කිසිම සම්බන්ධතාවක් පවත්වා ගැනීමට නොහැකි තත්ත්වයක් තිබෙන්නේ. ඇතැම් විට මියගිය පුද්ගලයින් හෝ තුවාලකරුවන් මේ ස්ථානයේ සිටින්න පුළුවන්. අපි බලධාරීන්ගෙන් ඉල්ලන්නේ මේ ගැන කඩිනම් අවධානය යොමු කරන්න”
එම ස්ථානයට ළඟා වීම සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති අතර, ආපදා සහන කණ්ඩායම් කිසිවෙකු මේ වන තෙක් අදාළ ස්ථානයට ළඟා වී නොමැති බව ද ප්‍රදේශවාසීහූ පවසති.














