අත්තනගලු ඔය නිම්නයේ සහ මහ ඔය ද්‍රෝණියේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඊයේ (28) දිනය තුළ අත්තනගලු ඔය නිම්නයට මි.මී 300කට අධික වර්ෂාපතනයක් ලැබී ඇති බවත් මේ වනවිට දූනමලෙයි ජල මිනුම් මධ්‍යස්ථානය උපරිම ස්ථානයට පැමිණ ඇති අතර, එම ස්ථානයත් යට වී ඇති බව ද වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. ඒ. සූරියබණ්ඩාර මහතා පැවසුවේය.
“මේ හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පහළ ප්‍රදේශය හා ගම්පහ නගරය මෙන්ම වත්තල, ජාඇළ වැනි ප්‍රදේශ තවදුරටත් ජලයෙන් යටවිය හැකියි” ඔහු වැඩි දුරටත් පෙන්නා දුන්නේය.
මේ අතර ඉදිරි පැය 24 සඳහා අධි අවදානම් ගංවතුර ඇඟවීමක් මහ ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කර ඇති අතර,මහ ඔය ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය 24ක කාලය තුළ දැඩි වර්ෂාපතනයක් වාර්තා වී ඇත. මේ හේතුවෙන් ගිරිඋල්ල සහ බඩල්ගම මිනුම් මධ්‍යස්ථානවලට අති දැවැන්ත ජල මට්ටමකට ළඟා වී ඇතැයි ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ හේතුවෙන් දිවුලපිටිය, අලව්ව, කටාන, මීරිගම, දංකොටුව, පන්නල, නාරම්මල, මීගමුව හා වෙන්නප්පු යන ප්‍රදේශවල පහත්බිම් යටවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.













