රාජ්ය ආයතනවල සභාපතිවරුන් තිදෙනෙකුගේ පත්වීම් ඊයේ (26) අග්රාමාන්ය හරිනි අමරසූරියගේ මූලිකත්වයෙන් රැස් වූ උසස් තනතුරු පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින් අනුමත කළේය. ඒ අනුව,
- ශ්රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ආචාර්ය ඒ.එස්. DBPH දිසාබණ්ඩාර
- ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස M.D.C.A පෙරේරා
- සීමාසහිත කහටගහ ග්රැෆයිට් ලංකා සමාගමේ සභාපතිවරයා ලෙස ඉංජිනේරු PVA හේමලාල්
යන මහත්වරු පත්කර ඇත.







