ජනපති සහ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් අතර සාකච්ඡාවක්

ආර්ථික සංවර්ධනය ඉලක්ක කර ගත් මහාමාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමේදී පුහුණු මානව සම්පතක වැදගත්කම රජය පිළිගන්නවා – ජනපති

ආර්ථික සංවර්ධනය ඉලක්ක කර ගත් මහාමාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමේදී පුහුණු මානව සම්පතක වැදගත්කම රජයක් ලෙස පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන්  සමඟ ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.

පසුගිය වසර කිහිපය තුළ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් රට හැර යාම හේතුවෙන් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී  රජයක් ලෙස ගැටලු රැසකට මුහුණ දුන් බව පිළිගත් ජනාධිපතිවරයා රටේ ආර්ථික ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වා ගෙන යාමට බාධාවක් නොවන පරිදි එම ගැටලුවලට විසඳුම් සෙවීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කරන ලදී.

මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් ලෙස මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

විශේෂයෙන් අණපනත්වල පවතින ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් වසර ගණනක් ප්‍රමාද වී ඇති උසස්වීම් සහ ඉංජිනේරු ක්ෂේත්‍රය සහ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් අතර පවතින වැටුප් විෂමතා කෙරෙහි මෙහිදී අවධානය යොමු විය. ඒ අනුව මෙම ගැටලුවලට කඩිනමින් සාධනීය විසඳුම් ලබා දීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බලන ලෙස ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් වෙත උපදෙස් දෙන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website