ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත /  Microfinance and Credit Regulatory Authority Bill අද (26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය.

මෙම නීති සම්පාදනය මඟින් ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරිය පිහිටුවීමට යෝජනා කෙරේ. නව අධිකාරිය පාරිභෝගික ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා මුදල් ණය දීමේ සහ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර නියාමනය කරනු ඇත.

මෙම පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකා ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පිහිටුවීම, මුදල් ණයට දීමේ ව්‍යාපාරය සහ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරය නියාමනය කිරීම, ඒවායේ ගනුදෙනුකරුවන්ට ආරක්ෂාව සැපයීම සහ 2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත ඉවත් කිරීමට ද බලාපොරොත්තු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website