ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් SLIM National Sales Awards සම්මානයන්ගෙන් පිදුම් ලබයි

SLIM NSA 2025: එස්. ජේ. ප්‍රශාන්ති මහත්මිය (Area Manager ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් බැංකු රක්ෂණ) 'Sales Supervisor කාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතන (SLIM) මගින් සංවිධානය කල සම්මාන රාත්‍රියේදී ජාතික විකුණුම් සම්මානයන්ගෙන් (SLIM National Sales Awards) පිදුම් ලැබීය.

“Territory Manager කාණ්ඩයේ රිදී සම්මානයෙන් එස්. වී. ජොෂුවා මහතා (Cluster Manager & ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් – බැංකු රක්ෂණ) සම්මානයට පාත්‍ර වූ අතර එස්. ජේ. ප්‍රශාන්ති මහත්මිය ( Area Manager ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් – බැංකු රක්ෂණ) ‘Sales Supervisor කාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙම ඇගයීම් මගින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් බලකායේ කැපවීම සහ විශේෂඥ දැනුම ඉස්මතු වන අතර තරඟකාරී වෙළඳපොල තුල ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ආදර්ශමත් ආයතනයක් ලෙස තම කාර්ය සාධනය පිළිබඳව ද අවධාරණය කරයි. රක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය සහ නව්‍යකරණයන් සඳහා ආයතනයක් වශයෙන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස ලයිෆ් හි කැපවීම පිළිබඳ මෙම සම්මාන සාක්ෂියක් වනු ඇත.

SLIM 2025 ජාතික විකුණුම් සම්මාන රාත්‍රිය නොවැම්බර් 28 වන දින Monarch Imperial හිදී විවිධ ක්ෂේත්‍ර වල වෘත්තිකයන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website