උසස් පෙළ විභාග කාලයේ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධා වළක්වා ගැනීමට ඒකාබද්ධ පියවර

යම් ආපදා තත්ත්වයක් හේතුවෙන් විභාගයට පෙනීසිටීමට යම් බලපෑමක් එල්ල විය හැකි සිසු දරුවන් හට 117 දුරකතන අංකයට හෝ විභාග දෙපාර්තමේන්තුව විසින් හදුන්වාදී ඇති 1911 දුරකථන අංකයට දැනුම් දිය හැකි බව ද කොඩිප්පිලි මහතා සඳහන්ය.

හෙට (10) දින ආරම්භ වන උසස් පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධා වළක්වා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ක්‍රියාත්මක කර තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

විභාග කාල සීමාව තුළ ආපදාවලින් අවදානමින් තොර පරිසරයක් නිර්මාණය කර දීම සඳහා ඒ ඒ පාර්ශ්වකාර ආයතන කටයුතු කළ යුතු ආකාරය ඇතුළත් මාර්ගෝපදේශයක් නිකුත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

යම් ආපදා තත්ත්වයක් හේතුවෙන් විභාගයට පෙනීසිටීමට යම් බලපෑමක් එල්ල විය හැකි සිසු දරුවන් හට 117 දුරකතන අංකයට හෝ විභාග දෙපාර්තමේන්තුව විසින් හදුන්වාදී ඇති 1911 දුරකථන අංකයට දැනුම් දිය හැකි බව ද කොඩිප්පිලි මහතා සඳහන්ය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙහි හදිසි මෙහෙයුම් මැදිරිය තුළ ස්ථාපිත කර ඇති ජාතික විභාග හදිසි මෙහෙයුම් ඒකකයේ විශේෂ ඇමතුම් අංක 113 668 026, 113 668 032, 113 668 087 සහ 113 668 119 යන දුරකථනවලට දැනුම්දීමෙන් අවශ්‍ය සම්බන්ධීකරණ සහාය ලබාගත හැකි බව ද ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website