උසස් පෙළ සිසුන්ට විභාග කොමසාරිස් ජනරාල්වවරියගෙන්විශේෂ දැනුම් දීමක්

හෙට (10) දින ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු – සිසුවියන් විසින් විශේෂ අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය අද (09) පැවැති මාධ්‍ය හමුවේ දී හෙළි කළාය.

උසස් පෙළ විභාග වංචා වැළැක්වීමට නීති තදින් ක්‍රියාත්මක වන බව පැවසු ඇය මෙසේ ද ප්‍රකාශ කළාය.

“ඔබගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා ඔබගේ මුහුණ නිරාවරණය කරලා තිබෙන්න ඕනේ. සම්පූර්ණ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළම. ඒ වගේම ඔබගේ කන් නිරාවරණය කරලා තියෙන්න ඕනේ. මොකද දැන් තිබෙන සන්නිවේදන උපකරණ යම් අපේක්ෂකයෙකු පැළඳගෙන සිටින්නට පුළුවන්. එවැනි විභාග වංචා වැළැක්වීම සඳහා තමයි එම නීති ක්‍රියාත්මක වන්නේ.

තවත් විශේෂ කරුණක් තිබෙනවා. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට උත්තර සපයද්දි උත්තර ලකුණු කරනවා බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ. අපි පිළිතුරු පත්‍රය විදියට භාර ගන්නේ අපි ලබාදෙන පිළිතුරු පත්‍රයේ සටහන් කරන පිළිතුරු පත්‍රය පමණයි. ඒ නිසා අපේක්ෂකයන් වෙලාව කළමනාකරණය කරගෙන නිවැරදි පිළිතුරු පත්‍රයේ සටහන් කරන්න ඕනේ.”

මේ අතර උසස් පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධා වළක්වා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ක්‍රියාත්මක කර තිබෙන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවාය.

යම් ආපදා තත්ත්වයක් හේතුවෙන් විභාගයට පෙනීසිටීමට යම් බලපෑමක් එල්ල විය හැකි සිසු දරුවන් හට 117 දුරකතන අංකයට හෝ විභාග දෙපාර්තමේන්තුව විසින් හදුන්වාදී ඇති 1911 දුරකථන අංකයට දැනුම් දිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website