උසස් පෙළ විභාගය හෙට (10) ආරම්භ වෙයි – හදිසි ආපදාවකදී දැනුම් දීමටත් දුරකථන අංකයක්

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (10) දින ආරම්භ වන බවත් විභාගය දෙසැම්බර් මස 05 වැනි දා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2362ක දී පැවැත්වීමට නියමිත බවත් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය සඳහන් කළාය.

විභාගය ආරම්භ වීමට නියමිත වේලාවට පැයකට පෙර සියලුම අයදුම්කරුවන් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බව ද විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.

මෙවර විභාගය සඳහා අයදුම්කරුවන්  340,525 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර ඒ අතරට පාසල් අයදුම්කරුවන් 246,521 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 94,004 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ.

විභාගය සඳහා දිවයින පුරා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325ක් පිහිටුවා ඇති අතර ප්‍රාදේශීය එකතුකිරීමේ මධ්‍යස්ථාන 32 පිහිටුවා ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල්වරිය,

“ඔබගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා ඔබගේ මුහුණ නිරාවරණය කරලා තිබෙන්න ඕනේ. සම්පූර්ණ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළම. ඒ වගේම ඔබගේ කන් නිරාවරණය කරලා තියෙන්න ඕනේ. මොකද දැන් තිබෙන සන්නිවේදන උපකරණ යම් අපේක්ෂකයෙකු පැළඳගෙන සිටින්නට පුළුවන්. එවැනි විභාග වංචා වැළැක්වීම සඳහා තමයි එම නීති ක්‍රියාත්මක වන්නේ.” තවත් විශේෂ කරුණක් තිබෙනවා.. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට උත්තර සපයද්දි උත්තර ලකුණු කරනවා බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ. අපි පිළිතුරු පත්‍රය විදියට භාර ගන්නේ අපි ලබාදෙන පිළිතුරු පත්‍රයේ සටහන් කරන පිළිතුරු පත්‍රය පමණයි. ඒ නිසා අපේක්ෂකයන් වෙලාව කළමනාකරණය කරගෙන නිවැරදි පිළිතුරු පත්‍රයේ සටහන් කරන්න ඕනේ.”

මේ අතර උසස් පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධා වළක්වා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ක්‍රියාත්මක කර තිබෙන බව ද විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

යම් ආපදා තත්ත්වයක් හේතුවෙන් විභාගයට පෙනීසිටීමට යම් බලපෑමක් එල්ල විය හැකි සිසු දරුවන් හට 117 දුරකතන අංකයට හෝ විභාග දෙපාර්තමේන්තුව විසින් හදුන්වාදී ඇති 1911 දුරකථන අංකයට දැනුම් දිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website