මැදපෙරදිග සැඟව සිටින ශ්‍රී ලාංකික මත් ජාවාරම්කරුවන් 07දෙනෙකු මෙරට බලධාරීන් වෙත භාරවීමට කැමැත්ත පළ කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රජයට භාර වී මෙම නීති විරෝධී ජාවාරම්වලින් ඉවත් වීමට සූදානම් බවට කියා සමාව ඉල්ලා ඇති බවයි.
මහජන ආරක්ෂ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මේ වනවිට පැවත්වෙන විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටුදැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් මෙහෙයුම් වැඩසටහනට එක්වෙමිනි.











