
වත්මන් ආණ්ඩුව දේශීය ගොවියා නැත්තටම නැති කර ආනයනකරුවන් කිහිප දෙනකු පොහොසත් කරමින් සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.
දේශපාලනික වශයෙන් සම්බන්ධ මහා පරිමාණ ආනයනකරුවන්ට තීරු බදු පැනවීම වැනි අභ්‍යන්තර තොරතුරු වෙත ප්‍රවේශය ඇති බව කී මන්ත්‍රීවරිය, රජය ඔවුන්ට නිදහස් පාලනය ලබා දී ඇති බවට ද චෝදනා කළාය.
ආනයනික ලොකු ළූණු සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් (SCL) පැනවීමට මුදල් අමාත්‍යාංශය අපොහොසත් වීම, රජය සහ මහා ව්‍යාපාර අතර ඇති බව කියන අශුද්ධ සන්ධානයට හේතුව බව ද කවිරත්න මන්ත්‍රීවරිය සඳහන් කළාය. පසුගිය වසරේ මුල් මාස අට තුළ ශ්‍රී ලංකාව ආනයනය කළේ ලොකු ළූණු මෙට්‍රික් ටොන් 73,332ක් පමණක් බවත්, මෙම වසරේ එම කාලය තුළ ලොකු ළූණු ආනයනය මෙට්‍රික් ටොන් 144,551 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඇය පෙන්වා දුන්නාය.











