බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්ට විදේශ ආයෝජන සම්බන්ධ ඉහළම තනතුරක්

විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා පත් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදුකර ඇත.

ගෝලීය ආයෝජන හවුල්කාරීත්වය සම්බන්ධයෙන් හනීෆ් යූසුෆ් මහතා සතු අත්දැකීම් සහ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සංවර්ධනය සඳහා ඔහු දැක්වූ දිගුකාලීන දායකත්වය සැලකිල්ලට ගිනිමනි රජයේ ආර්ථාක පුනර්ජීවනය සඳහා වන වැඩපිළිවෙළට දායක වීමට ඔහුය ඇති හැකියාව අගයමින් මෙම පත්වීම සිදුකර තිබේ.

ඒ අනුව ජාත්යන්තර ආයෝජකයින් සහ උපායමාර්ගික හවුල්කරුවන් සමඟ ඉහළ මට්ටමේ සංවාදයකට පහසුකම් සැලසීම, ආයෝජක විශ්වාසය ශක්තිමත් කිරීම සහ විදේශ සෘජු ආයෝජන (FDI) මෙරටට කැඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළට සහාය වීම, ප්රමුඛ ආයෝජන අවස්ථා හඳුනා ගනිමින් ඒවා වර්ධනය කර ඉදිරියට ගෙන යාම සඳහා සහාය වීම, ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI), අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), වරාය නගර කොමිසම සහ අදාළ රේඛීය අමාත්යාංශ සමඟ සමීප සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීම ඔහු වෙත පැවරී ඇති වගකීම් වේ.
රට තුළ තිරසාර විදේශ ආයෝජන සඳහා හිතකර පරිසරයක් ගොඩනැගීමටත්, ශ්රී ලංකාවේ වත්මන් ආර්ථික ස්ථාවරභාවය පිළිබඳ ජාත්යන්තර විශ්වාසය තහවුරු කිරීමටත්, ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමටත් රජය ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම මේ තුළින් අපේක්ෂා කෙරේ.
හනීෆ් යූසුෆ් මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයට අමතරව ගරු සේවයක් ලෙස මෙම ධුරයේ කටයුතු කරයි.

හනීෆ් යූසුෆ් මහතා මෙරට විශාලතම ලැයිස්තුගත සමාගම වූ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් හි හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයා වේ. එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් යනු මෙරට රු. බිලියන 500 ඉක්මවා ගිය වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කී පළමු සහ මෙතෙක් එකම සමාගමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website