සංචාරක කර්මාන්තයේ ප්‍රගමනයට ගන්නා නව පියවර ගැන ඇමැතිගෙන් විශේෂ හෙළිදරව්වක්

සංචාරක කර්මාන්තයේ ශීඝ්‍ර වර්ධනයක් ළඟා කරගැනීම සඳහා මෙරට සංචාරක පනත සංශෝධනය කිරීමට පියවර ගන්නා බව විදේශ කටයුතු හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ සංචාරක පනත සංශෝධනය කරන අතර ඒ සඳහා විශේෂඥයින් කණ්ඩායමකට භාර දී ඇති බවයි.

සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා දිගු කාලීන සැලැස්මක්, ඉලක්කයක් මෙම රජයට පවතින බවත් එම ඉලක්කය අනුව මෙම පියවර ගන්නා බවත් ඔහු පැවසුවේය.

සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම සඳහා සියලු ආයතන ඒකාබද්ධ ව්‍යුහයක් අවශ්‍ය බවත් ඒ සඳහා ජාතික සංචාරක කොමිසමක් පිහිටුවීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් හෙළි කළේය.

ස්ථාපිත කිරීමට නියමිත ජාතික සංචාරක කොමිසම හරහා දිස්ත්‍රික් මට්ටමින් හා සංචාරක කලාප මට්ටමින් ඒකාබද්ධ සංචාරක කමිටු ගොඩනැගීමට සැලසුම් කරන අතර එය ඉලක්ක කරගත් නව නීතියක් ගෙන එන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website