සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හේෂා විතානගේ මහතාගේ බිරිඳ සහ හිටපු අමාත්ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ නෑනා විසින් ජාතික ලොතරැයි මණ්ඩලයේ දිස්ත්රික් නියෝජිතයන් ලෙස කටයුතු කරමින්, එම මණ්ඩලයට රුපියල් ලක්ෂ එකසිය විස්සකට අධික මුදලක් නොගෙවා වංචාකර ඇතැයි ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්.ඩී.සී.ඒ. පෙරේරා මහතා ‘රතු ඉර’ වෙත පැවසීය.
ලොතරැයි මණ්ඩලයේ ටිකට් ලක්ෂ පහකට අධික ප්රමාණයක් අලෙවිකර රුපියල් ලක්ෂ එකසිය විස්සකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී හේෂා විතානගේ මන්ත්රීවරයාගේ බිරියට සහ හිටපු අමාත්ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ නෑනාට එරෙහිව දැඩි නීතිමය පියවරයන් ගන්නා බව ඒ මහතා ප්රකාශ කරයි.
මේඝ
- Loading stock data...







