ජනාධිපති අනුර එල්ලුම් ගහට අත්සන ගහන ලකුණු

මරණීය දණ්ඩනයට ලක්ව සිටින ප්රධාන පෙළේ මත්ද්රව්ය ජාවාරම් කරුවන්ට සහ පාතාල අපරාධ කරුවන්ට එරෙහිව මරණ දණ්ඩනය ක්රියාත්මක කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණයකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

මරණ දණ්ඩනයට ලක්ව සිටින අපරාධ කරුවන් වෙනුවෙන් එය ක්රියාත්මක කරන්නැ’යි කාලයක සිට එවකට හිටපු ජනාධිපතිවරුන්ගෙන්, වග කිවයුතු විවිධ පිරිස් ඉල්ලීම් කළ ද, ඒ කිසිවෙක් ඊට අදාළ
ලියකියවිලිවලට අත්සන් තැබුවේ නැත.

එනමුදු පතාලය මෙන්ම මත්ද්රව්ය ජාවාරම ද රටින් තුරන්කර දැමීමට, ආණ්ඩුව මේ වනවිට දැවැන්ත මෙහෙයුමක් දියත්කර ඇති බැවින් මරණ දඬුවම නියමව සිටින අපරාධ කරුවන්ට එම දඬුවම ක්රියාත්මක කරවීම සඳහා සිය කැමැත්ත ප්රකාශ කිරීමට ජනාධිපතිවරයා කටයුතු කොට ඇති බව ද සඳහන් වේ.

සංජනා මන්දාරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website