ඉන්දියාවේ න්‍යෂ්ටික බලාගාර ලංකාවේ හැදෙයිද?

ශ්රී ලංකාව න්යෂ්ටික බලය සඳහා ප්රවේශ වීමට තීරණය කරන්නේ නම් ඊට සහාය ලබාදීමට සිය රට කැමති බව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා බලශක්ති අධිකාරිය හමු වී දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.
මේ අතර රොයිටර් පුවත් සේවය පසුගිය 13දා වාර්තා කරන්නේ ඉන්දියාවේ රජය විසින් පත් කරන ලද මණ්ඩලයක් සිය වාර්තාවක් මඟින්, න්යෂ්ටික ව්යාපෘති සඳහා වන කාලසීමා කෙටි කිරීමට, දිගු කාලීන යුරේනියම් ඉන්ධන සැපයුම් සුරක්ෂිත කිරීමට සහ එහි ප්රතිසැකසුම් ධාරිතාව (reprocessing capacity) පුළුල් කිරීමට කටයුතු කළ යුතු බවට, රජයට නිර්දේශ කර ඇති බවය. එම වාර්තාව වැඩිදුරටත් ප්රකාශ කරන්නේ ඉන්දියාව දැනට පවතින ගිගාවොට් 8.88ක න්යෂ්ටික ධාරිතාව වෙනුවට, 2047 වනවිට ගිගාවොට් 100ක න්යෂ්ටික ධාරිතාවක් ඉලක්ක කරන බවය.
මේ අතර පසුගිය ජූලි මාසයේ මෙරටට පැමිණි ජපන් දූත පිරිසක් ද ශ්රී ලංකාව න්යෂ්ටික බලාගාරයක් සඳහා සූදානම් ද යන්න විමසා ඇතැයි දැනගන්නට ලැබෙන අතර ඊට ප්රථම රුසියාව, චීනය සහ ප්රංශය ද ශ්රී ලංකාව සමඟ න්යෂ්ටික සහයෝගිතාවයක් පවත්වා ගැනීමට කැමති බව ප්රකාශ කර තිබුණි.
මේ පිළිබඳව ආණ්ඩුවේ ප්රභලයෙකුගෙන් කරුණු විමසීමේදී ඔහු සඳහන් කළේ රටේ දීර්ඝ කාලීන විදුලි උත්පාදන සැලැස්මට න්යෂ්ටික බලය ඇතුළත් වුණත් රජය මේ මොහොතේ එවැනි කිසිදු ව්යාපෘතියක් පිළිබඳව නොසිතන බවය.

කේ. සංජීව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website