ටිරාන්ට විරුද්ධ චෝදනා විභාගයට, අල්ලස් කොමිසම සැරසේ

හිටපු අමාත්ය ටිරාන් අලස් මහතාගේ වත්කම් පිළිබඳව පරික්ෂා කරන්න යැයි ජන අරගල සන්ධානය අල්ලස් කොමිසම වෙත ඉදිරිපත් කළ පැමිණිල්ල එම කොමිසම විසින් විභාගට ගන්නට යන බව වාර්තා වෙයි.
මේ අනුව එම කොමිසමට සමීප පුද්ගලයෙක් ප්රකාශ කළේ හිටපු අමාත්යවරයා පසුගිය කාලයේ ලබාදී ඇති වත්කම් බැරකම් ප්රකාශනයන් පිළිබඳව මුලින්ම විමර්ශනය කරමින් මෙම විමර්ශන ආරම්භ කරන්නට බොහෝ දුරට ඉඩ ඇති බවය. මේ පිළිබඳව ආණ්ඩුවේ ප්රබලයෙකුගෙන් කරුණු විමසීමේදී ඔහු ප්රකාශ කළේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වූ විට පක්ෂ පාට බේද නොසලකා එය විභාගයට ගැනීම, එම කොමිසමේ වඟකීම බවය.
ජන අරගල සන්ධානය විසින් පසුගිය ඔක්තෝබර් 14දා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ප්රකාශ කළේ විනිමය පනත උල්ලංඝනය කරමින් හිටපු අමාත්යවරයා බ්රිතාන්ය වර්ජින් අයිලන්ඩ්ස් දූපතේ පිහිටි සමාගම් දෙකක් හරහා විශාල විදේශ ආයෝජන ප්රමානයක් සිදුකර ඇති බවය. බ්රිටිෂ් වර්ජින් අයිලන්ඩ් දූපතේ ලියාපදිංචි Banham Ventures Limited සහ Brompton Properties Ltd යන සමාගම්වල පිළිවෙළින් බ්රිතාන්යය පවුම් 1,550,000ක් සහ පවුම් 1,400,100ක ආයෝජන සිදු කර ඇතැයි චෝදනා කරන මෙම පැමිණිල්ල, එය විභාග කරන්න යැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත.

කේ. සංජීව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website