දයා, හේෂා, චමින්ද, අජිත් සටනට බහින්න සූදානම්..!

ඉදිරියේදී පවත්වන්නට නියමිත පළාත් සභා මැතිවරණයේදී සමගි ජන බලවේගයේ මහ ඇමති අපේක්ෂකයන් ලෙස දයාසිරි ජයසේකර, හේෂා විතානගේ, චමින්ද විජේසිරි, අජිත් පී පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පළාත් සභාවන් හතරක් වෙනුවෙන් තරඟ කරන්නට බොහෝදුරට ඉඩ ඇතැයි සජබ ආරංචි මාර්ග ප්රකාශ කරයි.
දයාසිරි ජයසේකර මහතා වයඹ පළාත් සභාව සඳහා ද හේෂා විතානගේ මහතා සපරගමුව පළාත් සභාව සඳහා ද චමින්ද විජේසිරි මහතා ඌව පළාත් සභාව වෙනුවෙන් ද අජිත් පී පෙරේරා මහතා බස්නාහිර පළාත් සභාව වෙනුවෙන් ද සිය මන්ත්රී ධුරවලින් ඉල්ලා අස්වී ඉදිරිපත් වීමට ඉඩ ඇතැයි සඳහන් වෙන අතර එම පක්ෂයේ තවත් ආරංචි මාර්ගයකින් ප්රකාශ වෙන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී හිරුණිකා ප්රේමචන්ද්ර මහත්මිය ද බස්නාහිර මහ ඇමති අපේක්ෂකයා වීමට බලාපොරොත්තුවෙන් සිටින බවය.

මංජු කස්තුරිආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website