සංවිධානාත්මක අපරාධකරුවන්ගේ රුපියල් කෝටි 3902 වත්කම්

මෙරට සංවිධාන්තමක අපරාධකරුවන්ගේ රුපියල් කෝටි 3902 ක් පමණ වත්කම් 2021 ජනවාරි වසරේ සිට 2024 වසර දක්වා කාලය තුළ රජය සතු කර ගැනීමට පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්ය ප්රකාශක, සහකාර පොලිස් අධිකාරී උයද කුමාර් වුඩ්ලර් මහතා පැවසීය.
එමෙන්ම, මේ වසරේ ජනවාරි මස 1 වැනිදා සිට මේ දක්වා කාලය තුළදී රුපියල් කෝටි හැත්තෑතුනක දේපළ වත්කම් ක්රියා විරහිත කිරීමේ තත්ත්වයට පත්කර ඇති බවත්, එම දේපළ රජය සතු කර ගැනීම සඳහා කටයුතු සිදු කරමින් පවතින බවත් පොලිස් මාධ්ය ප්රකාශකවරයා පැවසීය.
ප්රධාන පෙළේ මත්ද්රව්ය ජාවාරම්කරුවන්ගේ දේපළ මෙසේ ක්රියාවිරහිත කර ඇති අතර, ඒවා අතර රත්රං පවුම් 354 ක්, මෝටර් රථ 72ක්, සුඛෝපභෝගී නිවාස 35ක්, අක්කර 37ක භූමි ප්රමාණයක් සහ අනීතික ලෙස උපයාගත් මුදල් රුපියල් හැටහත් කෝටියක් පවතින බවද ඒ මහතා සඳහන් කළේය.

ඇම්. ඩී. ධර්මසිරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website