මෙරට ක්රියාත්මක ප්රාථමික සෞඛ්ය සේවාව ප්රමුඛ සෞඛ්ය සේවාව විශිෂ්ඨ මට්ටමක පවතින බව දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුවේ සභාපති සෞඛ්ය හා ජනමාධ්ය ඇමති වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
සෞඛ්ය වෘත්තිකයන්ගේ දැඩි කැපවීමෙන් රෝග කිහිපයක් මෙරටින් තුරන් කිරීමට හැකිවූ බවත් පැවසු ඇමතිවරයා බෝනොවන රෝග වැඩිහිටි ජනගහනය ඇතුළු අංශ කිහිපයක් පිළිබඳවත් සමස්ත සෞඛ්ය පද්ධතියේ සංවර්ධනය කෙරෙහිද විශේෂ අවධානයෙන් කටයුතු කරන බවද සඳහන් කළේය.
මෙරට සුවපත් ජනතාවක් බිහිකිරීමේ අරමුණින් මෙසේ අවශ්ය වැඩ පිලිවෙළක්වන ආරෝග්යා සුවතා මධ්යස්ථාන දීප ව්යාප්ත ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත්, අවධාරණය කළ ඇමතිවරයා විශිෂ්ඨ සෞඛ්ය සේවාවක් ශ්රී ලංකාව තුළ පවත්වාගෙන යාම සඳහා සහෝද සමාජික රටවල අදහස් යෝජනා බෙහෙවින් ඉවහල්වන බවද කීය.
ලෝක සෞඛ්ය සංවිධානයේ දකුණු අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුවේදී දෙවන දිනයේදී සමුළුව අමතමින් ඇමතිවරයා ඒ බව සඳහන් කළේය.
ඇම්.ඩී. ධර්මසිරි







