රගර් ක්රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට එවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ආරක්ෂාවට සිටි නාවික හමුදා නිලධාරීන් සැක බව දැනගන්නට ලැබේ.
වසීම් තාජුඩීන් ඝාතනය සිදුවූ දින, ඊට පෙර සහ පසු දින, යන දින තුනට අදාළව ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ ආරක්ෂකයන් ලෙස කටයුතු කළ මෙම නාවික නිලධාරීන්ගේ දෛනික තොරතුරු සටහන් පොතේ පිටු කඩා ඇති බව, සීඅයිඩී විමර්ශනයන් වලදී අනාවරණය වී ඇති අතර ඒ අනුව එම මැතිනියගේ එවක ආරක්ෂකයන් සේ ක්රියා කළ නාවික හමුදා නිලධාරීන් 20 දෙනෙක් පමණ, සැකට භාජනය වී ඇත.
මෙම ඝාතනය සිදුවන කාලයේ ආරක්ෂක අමාත්යාංශයේ රියදුරෙක් ලෙස කජ්ජා නැමැත්තා කටයුතු කර ඇතැයි මේවනවිට කරුණු අනාවරණය වී ඇති අතර එම කාලයේදී ඔහු සමඟ සමීපව කටයුතු කළ පුද්ගලයන් කවුරුන්ද යන්න සොයා මේවනවිට ඔහුගේ දූරකථන දත්ත විමර්ශනය කරමින් ඇතැයි සීඅයිඩීය දෙසින් එන ආරංචි මාර්ගවලින් ප්රකාශ වෙයි. මෙහිදී මෙම ඝාතනයට අදාළව කජ්ජා යන නමට අමතරව තිස්ස නම් හමුදා සාමාජිකයෙකුගේද නම කියවෙන බව වැඩිදුරටත් කරුණු වාර්තා වෙයි.
කේ. සංජීව







