පසුගිය දා අත්අඩංගුවට ගත් සම්පත් මනම්පේරි රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලැබීමත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සිදුවීම පිළිබඳව මෙන්ම කරුණා පිල්ලෙයාන් කල්ලිය දකුණේ සිදුකළ ඝාතනයන් පැහැරගෙන යාම් සහ මංකොල්ලකෑම් පිළිබඳව කරුණු අනාවරණය වෙමින් ඇතැයි දැනගන්නට ලැබේ.
යාපනේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් වෙඩි තබා ඝාතනය කිරීම, මැතිවරණයක් අතරතුර සුරියවැව තරුණයෙක් වෙඩි තබා ඝාතනය කිරීම, පිටකොටුවේ දෙමළ ව්‍යාපාරිකයෙක් පැහැරගෙන ගොස් ලක්ෂ 50ක කප්පම් මුදලක් ලබාගැනීම, වැනි බොහෝ සිදුවීම් පිළිබඳව මෙන්ම දකුණේ පාතාල සහ මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් පිළිබඳව සම්පත් මනම්පේරිගෙන් ප්‍රශ්න කරමින් ඇතැයි දැනගන්නට ලැබෙන අතර ඒ හරහා දකුණේ පාතාලය පිළිබඳව මෙන්ම දකුණේ ප්‍රබල දේශපාලකයන් පාතාල සමඟ ගනුදෙනු කළ ආකාරය අනාවරණය වෙමින් ඇතැයි කරුණු වාර්තා වෙයි.
මංජු කස්තුරිආරච්චි







