දරුවන් ලක්ෂ 15කට තාම හැදුනුම්පත් නෑ

ජාතික හැඳුනුම් පත ලබා ගැනීමට 2006-2007 වර්ෂ වල උපන් දරුවන්ගෙන් අයදුම්පත් ලක්ෂ පහළොවක් පමණ ලැබී ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
එම දරුවන්ට ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමේ ප්රමාදය හැඳුනුපත් මුද්රණය සඳහා ගන්නා පොලි කාබනේට් කාඩ් පත්වල පවතින හිඟතාවය නිසා බවද දෙපාර්තමේන්තුව කියයි.
අවශ්ය පොලි කාබනේට් කාඩ්පත ඇණවුම් කර ඇති බවත් ලබන වසරේ අප්රේල් මස වන විට අයදුම් කර තිබෙන අයදුම් පත් අනුව ජාතික හැඳුනුම්පත් සකස්කර අවසන් කිරීමට හැකි බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් මාලිකා සූරියප්පෙරුම මහත්මිය පැවසුවාය.
ජාතික හැඳුනුම්පත අයදුම් කර දරුවන්ට අ.පො.ස සා පෙළ විභාගයට පෙනී සිටීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් ලිපියක් නිකුත් කරන බවද කොමසාරිස්වරිය පැවසුවාය.

ඇම්. ඩී. ධර්මසිරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website